ස්විස් තානාපති නිලධාරිනිය සම්බන්ධ සිද්ධිය ගොතන ලද පුවතක් බව තහවුරු වී ඇතැයි මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.

බොරතෙල් මෙරටට ආනයනය කොට පිරිසිදු කිරීමෙන් දැනට පවතින මිලට අඩුවෙන් ජනතාවට ලබාදිය හැකි බව, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිවලට හානි වන පරිදි විනය කඩකළ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සඳහා මේ වනවිටත් පක්ෂය විසින් තීන්දු තීරණ ගනිමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

එල්.එන්.ජී. ස්වභාවික ද්‍රව වායු විදුලි නිෂ්පාදන ව්‍යාපෘතිය සම්බන්ධව වාර්තාවක් ලබාදෙන්නැයි මගී ප්‍රවාහන කලමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය යනු රටේ ප්‍රධාන ආයතනයක් වගේම, රටට විශාල බලපෑමක් කළ හැකි ආයතනයක් බවත් එය අක්‍රීය වුවහොත් රටම අක්‍රීය විය හැකි බවත් මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හැරගිය මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්‍ෂණ ලිපි ලේඛන ඊයේ එම මන්ත්‍රීවරුන් වෙත යවා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා පිළිනොගන්නේ නම් හෝ තම පක්ෂයට බලයක්, පදනමක් නැහැ යැයි කවුරුන් හෝ කියන්නේ නම් වෙනම තරඟ කිරීමේ හැකියාවක් පවතින බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය.

රට ණය වී ඇති ප්‍රමාණය විගණකාධිපතිවරයාට ද නිශ්චිතව ගණනය කරන්න බැරි තත්වයක් උදාවි ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයෙකු හෝ අමාත්‍ය මණ්ඩලය නොමැතිව තවදුරටත් රට ක්‍රියාත්මක වීම ඉතා අනතුරුදායක බව, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා අද අවධාරණය කළා.

සේනා දළඹු මර්දනය සඳහා භාවිතා කෙරෙන කෘමිනාශක මිල දී ගැනීමට සියයට 50ක කෘමිනාශක සහනාධාරයක් තාවකාලිකව ලබා දීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Latest News