ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ පුළුල් වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

ආහාර බෝගයක් ලෙස වගා කෙරෙන රටකජු බෝගය මේ වනවිට ජාතික අවශ්‍යතා මට්ටම ඉක්මවා, දෙගුණයක පමණ අස්වැන්නක් වාර්තා කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

සුරකිමු ගංගා ව්‍යාපෘතිය යටතේ, 2022 වසරේ පළමු කාර්තුව තුළ රුපියල් මිලියන 500ක ව්‍යාපෘති අවසන් කිරීමට කටයුතු කරන්නැයි පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා එම අමාත්‍යංශ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.

ගෝලීය ප්‍රජාව විසින් හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා ගන්නා ලද වැඩ පිළිවෙළ අනුව කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය පියවර රාශියක් ගෙන ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි‍.

දැවිතෙල් ජාවාරම හරහා රටට ඩොලර්වලින් අහිමි කරවන විදේශ විනිමය නැවතත් රටට ලබා ගැනීමට  කරුණු අධ්‍යයනයට  විශේෂ කමිටුවක් පත් කිරීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.   

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉංජීනේරු සංගමය අද කෘෂිකර්ම අමාත්‍යාංශයේදි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමුවිය.

පැළ සිටුවීමේ නැකතට රෝපණය කිරීමට අග්‍රාමාත්‍යතුමාගෙන් පරිසර ඇමතිට සුදු සඳුන් පැළයක්.

ඉදිරි අයවැය ලේඛනයේ දී මෙරටට වාහන ආනයනය කිරීමට අවසර දෙන්නේ නම් විදුලි බලයෙන් හා සුර්ය බලයෙන් ක්‍රියාත්මක වන වාහන ආනයනය සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට අවධානය යොමු කිරීමට කටයුතු කරන බව පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

කොළඹ නගරයේ වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව ක්‍රමක්‍රමයෙන් පහළ යමින් පවතින බව සිදු කරන ලද විද්‍යත්මක සමීක්ෂණ මගින් තහවුරු වී තිබේ.

කැළෑ කපා පරිසරය වැනසීමට රජය කිසිවෙකුට හෝ අවසර දී නොමැති බවත්, අහිංසක ගොවියන්ට ඔවුන් වගා කළ බිම් නැවත වගා කිරීමට අවසර දෙන ලෙස රජය දුන් උපදෙස් වැරදි ආකාරයට යොදා ගනිමින් ඇතැම් ජාවාරම්කරුවන් වනය විනාශ කරන්නට පටන් ගෙන තිබෙන බවත්, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Latest News