ඉහළ ප්‍රමිතියේ බස් 2000ක් ගන්න ඇමති සාකච්ජා

ජන 11, 2020

    මඟී ජනතාවට වැඩි පහසුකම් සහිත හොඳ තත්ත්වයෙන් බස් රථ මිලදී ගැනීමට කටයුතු කරන බව ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    වැඩි ප්‍රමාණයක් ධාවනය කිරීමට නුසුදුසු බස් රථ ඩිපේවල පවතින බව සඳහන් කළ අමාත්‍යවරයා නව බස් රථ 500ක් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවද සඳහන් කළේ ය.

    එමෙන් ම තවත් බස් රථ 2000ක් මිල දී ගැනීමට කටයුතු කරන බව සඳහන් කර ඇති අමාත්‍යවරයා, මෙම බස් රථ හොඳ තත්ත්වයේ වැඩි පහසුකම් සහිත බස් රථ වන බව ද සඳහන් කළේ ය.

    Last modified on සෙනසුරාදා, 11 ජනවාරි 2020 11:38

    Latest News