යහපාලනය රජය පැවැති වසර 05ක් තිස්සේ ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදී ඇන හිට තිබු කුඩා ජල විදුලි ව්‍යාපෘති 15ක ගිවිසුම් යළි දීර්ඝ කිරීමට පියවර ගන්නා ලෙස විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් දී තිබේ.

විදුලිය වංචනික ලෙස ලබා ගන්නා පුද්ගලයින් නීතිය රැහැනට හසු කර ගැනීමට කරන වැටලීම් වැඩි කරන්නැයි, අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් දී තිබේ. විවිධ පුද්ගලයින් වංචනික ලෙස විදුලිය ලබා ගැනීම නිසා විදුලිබල මණ්ඩලයට වාර්ෂිකව රුපියල් මිලියන 100කට අධික මුදලක් අහිමි වන බවයි, වාර්තා වන්නේ.

කොවිඩ් 19 හේතුවෙන් ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල පහළ යාමත් සමග එහි වාසිය මහජනතාවට ලබා දීම සඳහා රජය විසින් ඩීසල් හා පෙට්‍රල් මත පනවා තිබු රු. 26ක අධිභාරය පෙරේදා රාත්‍රී (23) සිට ඉවත් කරන ලද බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

පුද්ගලික බස් කර්මාන්තය නංවාලීමට 04%ක පොලී සහන පදනමක් යටතේ ණය මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

කිසිදු ලෙසකින් බස් ගාස්තු වැඩි කිරීමක් සිදු නොකරන බව, අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි.

අප්‍රේල් මස 20න් පසු සති දෙකක් යන තෙක් පොදු ප්‍රවාහණ සේවා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දෙයි.

පවතින තත්වය හමුවේ කිසිදු විදුලි කප්පාදුවක්, හදිසිම අවස්ථාවක හැර විදුලි බිදවැටීමක්, විදුල මිල වැඩි කිරීමක් මෙන්ම ඛනිජ තෙල් මිල වැඩි කිරීමට කිසිම සුදානමක් නැති බව විදුලි බලශක්ති හා ප්‍රවාහන සේවා කළමණාකර ආමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

විදුලි බිල්පත් ගෙවීමට මාර්තු 31 දක්වා සහන කාලයක් ලබා දීමට මගී ප්‍රවාහන කළමනාකරණ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ.

රිය අනතුරුවල දී දරුවන්ගේ ජීවිතාරක්ෂාව උදෙසා නව ජීවිතාරක්ෂක අසුනක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයට අනුබද්ධ මාර්ග ආරක්ෂණ ජාතික සභාව, හා ලංකා ඔටෝමොබයිල් සංගමය මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය ද එක්ව මාර්ග අනතුරු වළක්වා ගැනීම සම්බන්ධව විශේෂ වැඩ සටහනක් ඊයේ (02) අම්බලන්තොට දී පවත්වනු ලැබීය.

කොරෝනා වෛරස් රෝගයට බියේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කල් දැමිය යුතු නැති බව ප්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමරවීර මහතා පවසයි. සංවර්ධන ව්‍යාපෘති සති දෙකක් නොව දවසක් ප්‍රමාද වුවත් විශාල පාඩුවක් සිදුවන බ වයි, අමාත්‍යවරයා පවසන්නේ. ඔහු මේ බව ප්‍රකාශ කළේ අගුනකොළ පැලැස්සේ වතුකන්ද විහාරස්ථානයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින්.

Latest News