තෙල් සංස්ථාවේ OT ගැන ඇමති වාර්තාවක් ඉල්ලයි

දෙසැ 19, 2019

    ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අතිකාල දීමනා සම්බන්ධයෙන් මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා සාමාන්‍යාධීකාරිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා සිටියි.

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින්ට පසුගිය මාසයේ අතිකාල දීමනා වශයෙන් කෝටි 15කට වැඩියෙන් ගෙවා ඇතැයි වාර්තා වන බැවින් ඒ සම්බන්ධව වහාම තමන්ට සවිස්තරාත්මක වාර්තාවක් ලබාදෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයාට දැනුම් දුන්නේ ය.

    අතිරික්ත සේවකයින් විශාල පිරිසකට රාජකාරි නොමැතිව නිකරුණේ සිටියදී එසේ ගෙවීම් කර ඇති බවත් වාර්තා වී තිබේ. මෙහෙයුම් කටයුතු සඳහා ප්‍රමාණවත් තරම් සේවක සංඛ්‍යාවක් සිටියදීත් අවිධිමත්ව කළමනාකරණය කිරීම නිසා රජයට ලැබිය යුතු විශාල මුදලක් අහිමි වී ඇති බව පෙනී යයි.

    එම නිසා මේ සම්බන්ධව සත්‍යතාවය පැහැදිලි කර ගැනීම සඳහාත්, ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීමට පෙර ඒ පිළිබඳව තමන්ට හෙට (20) ට පෙර අදාල වාර්තාව ලබා දෙන ලෙස අමාත්‍යවරයා සාමාන්‍යාධිකාරීවරයාට වැඩිදුරටත් උපදෙස් දී ඇත.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 දෙසැම්බර් 2019 11:55

    Latest News