ගෝඨාභයගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ බවට සහතිකයක් ඉල්ලා සුමංගල හිමි උපවාසයක් අරඹයි (විඩියෝ)

නොවැ 10, 2019
  • ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ බවට සහතිකයක් ලබා දෙන ලෙස ඉල්ලා පුජ්‍ය ආචාර්ය ඉගුරුවත්තේ සුමංගල හිමි පානන් උපවාසයක් ආරම්භ කර තිබේ.

    ඒ කොළඹ නිදහස් චතුරඝ්‍ර පරිශ්‍රයේ දී. සුමංගල හිමියන් පවසන්නේ දින තුනක් ඇතුලත පුරවැසිභාවය ඉවත් කළ බවට නීත්‍යානුකූලව ඉදිරිපත් කරන ලෙසයි.

    ප්‍රධාන ජනාධිපති අපේක්‍ෂකයෙකු වන ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කිරිම සම්බන්ධයෙන් නිල වශයෙන් නිවේදනය කර නොමැතිවීම පිළිබඳව අවධානය යොමු කළ යුතු බව පසුගියදා (26) මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ජාවක දී අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.  අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිද හා පුතා තවදුරටත් අමෙරිකානු පුරවැසියන් බවයි. ගෝඨාභය රාජපක්‍ෂ 2019 දී පුරවැසිභාවය අතහැරි බවට කිසිදු සඳහනක් නිල වශයෙන් වාර්තා වී නොමැති බවද ඔහු අවධාරණය කළේය. අමෙරිකාවේ දිසා අධිකරණ 94ක වාර්තා පරීක්‍ෂා කළ ද එවැනි පුරවැසි භාවය අහෝසි කරගැනිමක් නොමැති බවද මෙහිදී ඔහු පෙන්වා දුන්නේය.

    එයට ප්‍රතිචාරයක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ. ඔහු සිය ට්විටර් පණිවුඩයෙක් ප්‍රකාශ කරන්නේ, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබඳව වැරදි ප්‍රචාරයක් ගෙන යන බවයි.

    මේ අතර, අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ අයගේ නවතම නාමලේඛනයේ ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුළත්ව නොමැති බව ප්‍රකාශ කරමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (09) සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කර තිබිණ.ඒ අනුව 2019 ජනාධිපති සටන නියම ශ්‍රී ලාංකික පුරවැසියෙකු හා අමෙරිකානු පුරවැසියෙකු අතර පවතින ජනපති සටනක් බවට පත්ව ඇති බව ද ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර තිබිණ.

    sumangala-01.jpg

    sumangala-04.jpgsumangala-03.jpgsumangala-02.jpg

    Last modified on ඉරිදා, 10 නොවැම්බර් 2019 13:19

    Latest News