ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි සජිත් ගෙන් ගෝඨාභයට Twitter අභියෝගයක් (වීඩියෝ)

ඔක් 23, 2019

    සියලුම රට වැසියන්ට දැකබලා ගත හැකි ආකාරයට රූපවාහිනිය හමුවේ සජිවි විවාදයකට පැමිණෙන ලෙස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට තමන් අභියෝග කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර සිටින බව වාර්තාවේ.

    සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටින්නේ සිය නිල ටිවිටර් ගිණුම තරහා නිවේදනයක් නිකුත් කරමිනි.

    saji_gotatwit.jpg

    ජන්ද දායකයින් ඉදිරියේ තම ප්‍රතිපත්ති හා දර්ශනයන් සම්බන්ධයෙන් එකිනෙකාට මෙහිදි ප්‍රසිද්ධියේම අදහස් ප්‍රකාශ කිරිමට හැකි බව ඔහු සඳහන් කර ඇත.

    ශක්තිමත් අපේක්ෂකයෙකු තම ප්‍රතිවාදියා සමඟ ලේඛණගත නොකරන ලද අදහස් හුවමාරුවක යෙදීමට බිය විය යුතු නැති බවයි මෙහිදි සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

    Last modified on බදාදා, 23 ඔක්තෝබර් 2019 20:02

    Latest News