සහරාන් හෂීම්ගේ God Father ගෝඨාභය රාජපක්ෂ - අගමැතිතුමා

ඔක් 25, 2019

    2019 අප්‍රේල් මස 21 වැනි පාස්කු ඉරිදා කතෝලික සහ ක්‍රිස්තියානි පල්ලි ඉලක්ක කර ගෙන මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරමින් නිරායුධ සහ අහිංසක මිනිසුන් 300ක් ඝාතනය කළ සහරාන් හෂීම්ගේ "දෙවි පියා" (God Father) ගෝඨාභය රාජපක්ෂ බව මේ වන විට සියලු සාක්ෂි සහ සාධක ඇතිව ඔප්පු වී තිබෙන්නේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන් පිරිසක් සමග අරලිය ගහ මන්දිරයේදී ඊයේ (24) පැවැත් වූ අභ්‍යන්තර සාකච්ඡාවකදීය.
    එහිදී වැඩි දුරටත් අදහස් දක්වා ඇති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා...
    "2019 අප්‍රේල් මස 21 වැනි පාස්කු ඉරිදා කතෝලික සහ ක්‍රිස්තියානි පල්ලි ඉලක්ක කර ගෙන මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරමින් නිරායුධ සහ අහිංසක මිනිසුන් 300ක් ඝාතනය කළ සහරාන් හෂීම්ගේ "දෙවි පියා" (God Father) ගෝඨාභය රාජපක්ෂ බව මේ වන විට සියලු සාක්ෂි සහ සාධක ඇතිව ඔප්පු වී තිබෙනවා. මේ ගැන ජනතාව තේරුම් ගත යුතුයි. ඒ වගේම මේ පිළිබඳව අප ජනතාව දැනුම්වත් කළ යුතුයි.
    සහරාන් හෂීම් ඇතුළු ඒ අන්තවාදීන්ට කොළඹින් කාර්යාල ලබා දී වැටුප් වශයෙන් අතට මුදල් දී ඒ අය නඩත්තු කරමින් පෝෂණය කළේ ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ බව ඒ දෙදෙනාගේම මාධ්‍ය ප්‍රකාශකයා වන කෙහෙළිය රඹුක්වැල්ල මහතා රට හමුවේ පිළි ගත්තා.ඊට අදාළ තොරතුරු සියලු ජන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. ඉතින් තව කුමන කතාද..? යැයි ප්‍රකාශ කර තිබේ.

    Last modified on සිකුරාදා, 25 ඔක්තෝබර් 2019 15:43

    Latest News