ගෝඨාභය කඳවුරේ කථිකයින් ජාතිවාදය වපුරමින් සිටිනවා - චමීර පෙරේරා (වීඩියෝ)

ඔක් 21, 2019

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කදවුරේ කථිකයන් කිහිපදෙනෙකු අන්තවාදය වපුරමින් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැලි සිටින බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා පවසයි.

    චමිර පෙරේරා මහතා මේ බව කියා සිටියේ අද (21) හැටන් නගරයේ පැවති මාධ්‍ය හමුවේදීය.

    මෙම මාධ්‍ය හමුවේදි අදහස් දැක් වු චමිර පෙරේරා මහතා....

    “ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කඳවුර මේ රටේ ජාති වාදය, ආගම්වාදය අවුස්සන ආකාරයට ඔවුන්ගේ වේදිකාවේ කථිකයන් වන විමල් විරවංශ, උදය ගම්මන්පිල වැනි අය යෙදි සිටිනවා. ඡන්දයක් වෙනුවෙන් මේ ජනතාව අතර ගැටළු ඇති කිරිම , බේද ඇති කිරිම , බරපතල ප්‍රශ්නයක්. විමල් විරවංශ ගෝඨාභය රාජපක්ෂ කදවුරේ ජාති වාදය , ආගම් වාදය , අන්තවාදය අවුලන ප්‍රධානතම පුද්ගලයා වෙමින් පහුගිය දවසක යාපනයේ ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කර ගනිමින් ගුවන් තොටුපල ගැන ලියලා තියෙන පුවරුව මුලින්ම දමිල භාෂාවෙන් ලියලා තියෙනවා කියලා බරපතල ලෙස ජාතිවදය අවුස්සන ආකාරයට කතා කරලා තිබ්බා.

    මේක ගොබ්බ ජාති වාදයක් , මහින්ද රාජපක්ෂ වගේ අවුරුදු 40 දේශපාලනය කරපු කෙනෙක්ට තේරෙන්න ඕනි මේ ගොබ්බ ජාති වාදින් මේ රටේ ජාති වාදය අවුස්සන ආකාරය , මේක ඒ අයගේ දේශපාලන ගමනටම බරපතල ප්‍රශ්නයක්.
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දන්නවනම් විමල් විරවංශ උන්නැහේ සිංහල දෙමල භාෂා දෙකම මේ රටේ රාජ්‍යය භාෂාවන්, බහුතරයක් වාසය කරන ප්‍රදේශයක ඒ අයගේ සංස්කෘතියට , ඒ අයගේ භාෂාවට ප්‍රමුඛතාවය දෙන්න ඕනි. ඒක දමිල භාෂාවෙන් පල කිරිම ජාති වාදයක්ලු.

    යාපනයේ පොහොට්ටු කාර්යයාලය මුලින්ම ලියලා තියෙන්නෙත් දමිල භාෂාවෙන් , බහුතරය කතා කරන භාෂාව .
    මේ පෙන්නුම් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ගමන් කරන දිශාව, ඒ අය ගමන් කරන්නේ ජාති වාදයට , මේක තමයි පහුගිව මහින්ද රජපක්ෂ පාලන තන්ත්‍රයෙන් දැක්කේ.
    ගෝඨාභය රාජපක්ෂ මහතා තමයි තහුවිද් ජමාත් සංවිධානයේ නිර්මාතෘවරයා, අපිට පේනවා තහුවිද් ජමාත් අබ්දුල් රසාක්ලා එලිපිට නටනවා ගොඨාභයත් එක්ක”යනුවෙන් අදහස් දැක්වීය.

    Latest News