ගෝඨාභය ප්‍රතිපත්ති දේශපාලනයෙන් පොරොන්දුවලට: මාසිකව සහන මල්ලකුත් ඇවිත්

නොවැ 09, 2019

    ජනතාවට සහන ලබාදෙන බවත් එය සැම ක්ෂේත්‍රයකටම ක්‍රියාත්මක කරන බවත් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නුවරඑලිය ජනතා රැලිය අමතමින් අද කියා සිටියේය.

    ඒ අනුව දිලිදු අය වෙනුවෙන් සහන මල්ලක් මාසිකව නොමිලේ පිරිනමන බව ඔහු කියා සිටියේය.

    ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා......

    දැන් 12% ක ණය පොලියක් ගෙවන්න ඕනි, මම දන්නවා එක් කොපමණ අසිරුද කියලා, එ නිසා නිවසක් සදා ගන්න තියෙන අපහසුතාවය ගැන. එ නිසා අපි සැම ක්ෂෙත්‍රයක අයට සහනයක් දෙන්න කටයුතු කරනවා. අපි සිලොන් ටි වලට නැවත හොද නමක් ලබා ගන්න රාජ්‍ය අනුග්‍රහය ලබාදෙනවා, ගොවියා වෙනුවෙන් පොහොර නොමිලේ ලබා දෙන්න අපි කටයුතු කරනවා. ගොවියාගේ අදායම වැඩි කරන තාක්ෂණය ගෙනල්ලා, තාක්ෂණය හරහා හොද බිජ නිෂ්පාදනය කිරිම, පොහොර නිෂ්පාදනය කිරිම, තාක්ෂණික උපකරණ යොදාගෙන, වියදම අඩු නිෂ්පාදනය වැඩි කරන්න අපි කටයුතු කරනවා.

    විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා....

    අපිට හොරු කියා කියනව. අපි බොහෝම පැහැදිලිව මේ රටේ කාන්තාව රැක ගැනිමේ වගකිම තියෙනවා. වතු කම්කරුවාගේ ඉදලා ඉහල තැන ඉන්න කාන්තාව දක්වා අපි කන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අපි කටයුතු කරනවා. අපි කරන දේ කියන කියන දේ කරන පුද්ගලයෝ යනුවෙන් පැවසිය.

    සි.බි. රත්නායක මහතා........

    රටේ ආරක්ෂාව ඉල්ලුවම සනීපාරක්ෂාව ගැන කතා කරන කෙනෙක් නෙවෙයි අවශ්‍ය. විරුද්ධ පැත්තෙන් කියනවා පොහොට්ටුවට සුලු ජාතීන්ගේ ඡන්ද නෑ කියලා. එයාලගේ පැත්තෙන්මයි 2010 වර්ෂයේදී දැන් ආරක්ෂක ඇමතිකම ගන්ඩ බලාගෙන ඉන්න සරත් ෆොන්සේකා යුද්ධ හමුදා හමුදාපති වෙලා හිටියේ නැද්ද? ඔහුට ඡන්දය දෙන්න පුලුවන් නම් පේදුරුතුඩුවේ ඉදන් දෙවුන්දරතුඩුව දක්වා ජනතාව කැමති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්දය දෙන්න මිනිස්සු ඉන්නවා.

    Latest News