ඊයේ දින මීගලෑව පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකරන ලද වැටලීම් 02කින් මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් හා බඳින තුවක්කුවක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වන්දම බෝගහ හංදිය ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමකදී නීති විරෝධී ගිණි අවි 2ක් සමග සැකකරුවන් 4ක් අත්අඩංගුවට පත් ව තිබේ.

මීටියාගොඩ ප්‍රදේශයේදී ගිනි අවි දෙකක් සමග සැකකරුවක් අත්අඩංගුවට ගෙන තිබේ.

දික්වැල්ල නගරයේ සිදුකළ වැටලීමක දී ගිනි අවි සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට හොරණ විශේෂ කාර්ය බලකා කඳවුරේ නිළධාරීන් ඊයේ සමත් විය.

ප්‍රදේශ කිහිපය සිදුකළ වැටලීම්වලින් පොලිස් විශේෂ කාර්ය බලකාය ගිනි අවි කිහිපයක් සොයාගෙන තිබේ.

අනුරාධපුරයේ පිහිටි ලැගුම් හලක දී අපරාධ කල්ලි සාමාජිකයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

නීතිවිරෝධී ලෙස ගිනි අවි නිෂ්පාදනය කළ පුද්ගලයෙකු වළස්මුල්ල - මැදන්ගොඩ ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හෝමාගම පිටිපන ප්‍රදේශයේ වෙළෙඳ සැලක සඟවා තිබිය දී සොයාගත් ටී-56 වර්ගයේ ගිනි අවි අතර අතුරුදන්ව තිබූ බවට විශ්වාස කරන තවත් එම වර්ගයේ ගිනි අවියක් අතුරුගිරිය ප්‍රදේශයේ හමු වී තිබේ.

දේශීයව නිෂ්පාදිත ගිනිඅවියක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ. ඊයේ යාපනය,පලච්චවේලි ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී.

මිරිහාන,උඩහමුල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට තිබී රිවෝලර් වර්ගයේ ගිනි අවියක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

Latest News