ප්‍රදේශ කිහිපයකින් ගිනිඅවි කිහිපයක් සොයා ගැනේ

සැප් 14, 2020

    ප්‍රදේශ කිහිපය සිදුකළ වැටලීම්වලින් පොලිස් විශේෂ කාර්ය බලකාය ගිනි අවි කිහිපයක් සොයාගෙන තිබේ.

    වලස්ගල, දෙමයපිටිය ප්‍රදේශයේ දී විදේශීය රටක නිෂ්පාදිත ෂොට්ගන් එකක්, රිවොල්වරයක්, වායු රයිෆලයක් සහ උණ්ඩ කිහිපයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. සිලාවතුර ප්‍රදේශයේදී ද මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

    දොම්පෙ ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී සැකකරුවෙක් සමඟ විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ මිලිමීටර් 70 ප්‍රමාණයේ උණ්ඩ 15 ක් විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගෙන තිබේ.

    නිෂ්පාදිත ගිනි අවියක් සමඟ කහවත්ත, වැල්ලන්දුර ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    Latest News