ගිනිඅවි දෙකක් සමග සැකකරුවන් 4ක් පොලිස් අත්අඩංගුවට

අගෝ 02, 2021

    වන්දම බෝගහ හංදිය ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමකදී නීති විරෝධී ගිණි අවි 2ක් සමග සැකකරුවන් 4ක් අත්අඩංගුවට පත් ව තිබේ.

    මෙරට නිෂ්පාදිත ගිනිඅවි දෙකක්, ඊයම්බෝල තොගයක් සහ වෙඩි බෙහෙත් කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් සිව්දෙනා බුත්තල ගෝනගංආර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    කැබ් රථයක් සැක කටයුතු ලෙස ප්‍රදේශයේ සැරි සැරීම නිසා පොලිසිය විසින් එම කැබ් රථයහදිසි පරික්ෂාවකට ලක් කර ඇත.
    එහිදී එම කැබ් රියේ ආසන යට සගවා මෙම ගිනිඅවි ප්‍රවාහනය කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් පිලියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව පොලිසිය පැවසීය.
    මෙම පුද්ගලයන් කුමන හේතුවක් මත මෙම ගිනිඅවි සමග ප්‍රදේශයට පැමිනියේද යන්නඅනාවරණය කර ගැනීම සදහා විමර්ශනයක් ක්‍රියාත්මක වන අතරසැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
    ගෝනගංආර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරයි.

    Latest News