ටී.56 ගිනිඅවි 2ක් සමග සැකකරුවෙක් රත්ගම දී අත්අඩංගුවට

සැප් 12, 2020

    අනුරාධපුරයේ පිහිටි ලැගුම් හලක දී අපරාධ කල්ලි සාමාජිකයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    පසුගිය දා (11) සවස 6.50ට පමණ වැටලීම සිදුකළේ රත්ගම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින්. සැකකරුගෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේ දි දොඩංදූව,වලමුල්ල ප්‍රදේශයේ ඉදිකරමින් පවතින සැකකරුට අයත් නිවසක පිටුපස සඟවා තිබූ ටී 56 ගිනි අවි 2ක් අත්අඩංගුවට ගැනිණ.

    මෙම ගිනි අවි 'රත්ගම විදුර' නැමති තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකුට අයත් බවට අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් 40 හැවිරිදි සැකකරු වලමුල්ල,දොඩංදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වෙයි.

    Latest News