පිටිපන ගිනි අවි සිද්ධියට අදාළ තවත් ටී.56ක් අතුරුගිරියෙන්

ජූලි 02, 2020

    හෝමාගම පිටිපන ප්‍රදේශයේ වෙළෙඳ සැලක සඟවා තිබිය දී සොයාගත් ටී-56 වර්ගයේ ගිනි අවි අතර අතුරුදන්ව තිබූ බවට විශ්වාස කරන තවත් එම වර්ගයේ ගිනි අවියක් අතුරුගිරිය ප්‍රදේශයේ හමු වී තිබේ.

    පොලීසිය පැවසුවේ පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් ඊයේ (01) රාත්‍රී සිදුකළ විශේෂ මෙහෙයුමකින් අදාළ ගිනි අවිය සොයාගෙන ඇති බවය.

    හෝමගම පිටිපන ප්‍රදේශයේ වෙළෙඳ සැලක තිබී ටී-56 ගිනි අවි 11 ඇතුළු ගිනි අවි 12 ක් පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් සොයාගනු ලැබීය. පසුව අනාවරණය වුයේ එහි තිබූ තවත් ගිනි අවි 7ක් අතුරුදන්වී ඇති බවයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 ජූලි 2020 10:46

    Latest News