නීතිවිරෝධී ලෙස ගිනි අවි නිෂ්පාදනය කළ අයෙක් වළස්මුල්ලේදී අත්අඩංගුවට

අගෝ 13, 2020

    නීතිවිරෝධී ලෙස ගිනි අවි නිෂ්පාදනය කළ පුද්ගලයෙකු වළස්මුල්ල - මැදන්ගොඩ ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී ගිනි අවි දෙකක්,පතොරම් 11ක් පෑස්සුම් යන්ත්‍රයක්,වෙඩි බෙහෙත් ග්‍රෑම් 13ක් සහ ගිනි අවි නිෂ්පාදනය සඳහා යොදාගන්නා විවිධ උපකරණ රැසක් සොයාගත් බවයි.

    61 හැවිරිදි සැකකරු අද වළස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News