ගිනි අවි දෙකක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

ජන 24, 2021

    මීටියාගොඩ ප්‍රදේශයේදී ගිනි අවි දෙකක් සමග සැකකරුවක් අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව මීඩියාගොඩ මුල්ගහකන්ද වේරගොඩ ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කළේය.

    ස්වයංක්‍රීය පිස්තෝලයක්, ජීව උණ්ඩ දෙකක් සහ රිවෝල්වරයක් එහිදී සොයා ගැනීමට හැකි වී තිබේ.

    මේ සම්බන්යෙන් සැකකරුවක් ද අත්අඩංගුවට ගත් අතර ඔහු විවිධ අපරාධවලට සම්බන්ධ වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි, පොලීසිය පවසන්නේ.

    මොහු දැනට ඇප මත සිටින පුද්ගලයෙක් බවද පොලීසිය ප්‍රකාශ කළේය.

    Latest News