ගිනිඅවි සමග තිදෙනෙක් STF අත්අඩංගුවට

සැප් 16, 2020

    දික්වැල්ල නගරයේ සිදුකළ වැටලීමක දී ගිනි අවි සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට හොරණ විශේෂ කාර්ය බලකා කඳවුරේ නිළධාරීන් ඊයේ සමත් විය.

    සැකකරුවන් සතුව තිබී විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර දෙකක්, මෙරට නිෂ්පාදිත බෝර 12 ගිනිඅවි එකක් හා සජීව පතුරම් 5ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුවන් අවුරුදු 39,45 සහ 27 යන වයස්වල පසුවන දික්වැල්ල,නාකුලුගමුව,වලස්ගල ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් අද මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News