ලබන 15 වැනි දා(ඉරිදා) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා බස්නාහිර පළාතෙන් පිටතට යාම තහනම් කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කඳාන සහ මහබාගේ යන පොලිස් වසමේ මේ මෙහොතේ සිට නැවත දැනුම් දෙනෙතුරු හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා සිටියි.

අඟුලාන පොලිස් බලප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී කොට්ඨාස දෙකක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් ග්‍රාම ‍නිලධාරී වසම් 51ක් අද අළුයම 5.00 සිට හුදකලා ප්‍රදේශයක් බවට පත් කොට තිබේ.

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරුණු සියලු ප්‍රදේශවල එය අද අලුයම 5.00 සිට ඉවත් කෙරිණ.

අත්‍යවශම කරුණක් හේතුකොට ගෙන හැර නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට බලාපොරොත්තු නොවන බව ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

නිරෝධායන ඇඳිරි නීතිය පවතින කාලය තුළ තම සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි ආයතන සහ සේවාවන් සංඛ්‍යාව 107ක් දක්වා වැඩිකර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය පවසයි.

අද ප.ව. 6:00 සිට ගම්පහ පොලිස් බල ප්‍රදේශයට ද ඇඳිරිනීතිය පනවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඇඳිරිනීතිය බලපාන ප්‍රදේශයන්හි කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන් දැනට රැඳීසිටින ස්ථානවලම රැඳීසිටිය යුතුයි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර සිටියි.

ගම්පහ සිට වේයන්ගොඩ දක්වා දුම්රිය ස්ථානවල නැවත දැනුම්දෙන තුරු දුම්රිය නොනැවැත්වීමට තීරණය කර ඇත.

Latest News