ඇඳිරිනීතිය ඇති ප්‍රදේශයන්හි සේවක සේවිකාවන් ගම්බිම් බලා නොයා යුතුයි

ඔක් 06, 2020

    ඇඳිරිනීතිය බලපාන ප්‍රදේශයන්හි කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන් දැනට රැඳීසිටින ස්ථානවලම රැඳීසිටිය යුතුයි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර සිටියි.

    දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවලට දැනට ඇඳිරිනීතිය ක්‍රියාත්මක වේ. එමෙන්ම අද ප.ව. 6:00 සිට ගම්පහ පොලිස් බල ප්‍රදේශයට ද ඇඳිරිනීතය පනවා ඇති බව නිවේදනය කර ඇත.

    ඒ අනුව එම ප්‍රදේශවල පිහිටා තිබෙන කර්මාන්ත ශාලා ආදියෙහි සේවය කරන සේවක සේවිකාවන් දැනටමත් නවැතැන්ගෙන සිටින ස්ථානයන්හිම රැඳී සිටය යුතු අතර එම කර්මාන්ත ශාලාවන් හි කළමනාකාරීත්වය එම සේවක සේවිකාවන් ඔවුන්ගේ ගම් ප්‍රදේශ වෙත පිටත් කර හැරීමෙන් වැළකිය යුතු බව පොලිසිය නිවේදනය කරයි.

    Latest News