ගම්පහ සිට වේයන්ගොඩ දක්වා දුම්රිය නතර නොකෙරේ

ඔක් 06, 2020

    ගම්පහ සිට වේයන්ගොඩ දක්වා දුම්රිය ස්ථානවල නැවත දැනුම්දෙන තුරු දුම්රිය නොනැවැත්වීමට තීරණය කර ඇත.

    ඒ අනුව ගම්පහ දුම්රිය ස්ථානයේ දුම්රිය නතර කරන අතර එම දුම්රිය ස්ථානයෙන් පසුව වේයන්ගොඩ දුම්රිය ස්ථානය දක්වා (වේයන්ගොඩ දුම්රිය ස්ථානය ද ඇතුළුව) දුම්රිය නවත්වන්නේ නැත.

    එබැවින් දුම්රිය නොනවත්වනු ලබන ඉහත දුම්රිය ස්ථාන වෙත දුම්රිය මගීන් පැමිණීමෙන් වැළකිය යුතුය.

    දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවල මේ වන විට නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වේ.

    එමෙන්ම අද ප.ව. 6:00 සිට ගම්පහ පොලිස් බල ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ.

     

    Latest News