පොලිස් පරීක්ෂක ඒඩ්‍රියන් නිශාන්ත සිල්වා අනවසරයෙන් විදෙස් ගතවීම විනය විරෝධී බැවින් පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි, පොලිස් මූලස්ථානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

අහුන්ගල්ල,බලපිටිය ප්‍රදේශයේ පැවති ෆේස්බුක් සාදයක් අතරතුර දී මත්ද්‍රව්‍ය සමඟ තරුණ තරුණියන් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පුලියන්කුළම,නයිනමඩු රක්ෂිතයේ අනවසර කැනීම් සිදුකළ පුද්ගලයින් 6 දෙනෙකු ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගැනිණ.

ප්‍රභූ මෝටර් රථයක් ලෙස සකස් කළ රථයකින් නීති විරෝධී ලෙස ප්‍රවාහනය කළ මත්පැන් ලීටර තිස් තුන්දහසක් සමඟ සැකකරුවෙකු අද අළුයම අත්අඩංගුවට ගෙන තිබේ.

මන්නාරම,මාන්තෙයිහිදී කැබ් රථයක් පරීක්ෂා කිරීමේ දී කේරළ ගංජා 200kgයි 165gක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

හැටන් නගරයේ ව්‍යාජ මුදල් නොට්ටු සංසරණය වන බවට පෞද්ගලික බැංකු කිහිපයක් විසින් ගණුදෙනු කරුවන්ව දැනුවත් කර තිබේ.

දෝහ කටාර් සිට මෙරටට පැමිණි කෙන්යානු ජාතික කාන්තාවකගේ (35) ගමන් මල්ලේ සඟවා තිබූ කොකේන් අඩංගු ගුලි 30ක් ගුවන්තොටුපොළ රේගුව මගින් සොයාගෙන තිබේ.

ගාල්ල, හබරාදූවේ ස්වාධීන් මාධ්‍යවේදියෙකුට ආයුධ සන්නද්ධ පිරිසක් ඊයේ රාත්‍රී පහරදී තිබේ.

ඉරණමාතානගර් ප්‍රදේශයේ දී සිදුකල සෝදිසි කිරිමකදී බිඩී කොළ කිලෝග්‍රෑම් 1113 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන තිබේ.

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ විදෙස්ගතවීමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයින් අට දෙනෙක් තලෙයිමන්නාරම ප්‍රදේශයේ දී නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News