යුධ හමුදා බුද්ධි අංශ නිලධාරී චාමික සුමිත් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

සහරාන් සමග නුවරඑළියේ දී අවි පුහුණුව ලැබූ ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් ( JMI) සාමාජික මොහොමඩ් රෆායිඩීන් අම්පාරේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය, පුංගුඩුතිව් ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 16 ග්‍රෑම් 5 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගැනිණ.

කොම්පඥ්ඥ වීදියේ වයස අවුරුදු 47ක රූපලාවන්‍යාගාරයක හිමිකරුවා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට අරගත් පස්දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.

කිලිනොච්චි,පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයියා ශිවරූබන් යුධ හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.

රිටිගල රක්ෂිතයේ ඇති වටිනා ගස්වර්ග කපා දැව බවට පත් කොට, ශීතකරණ සහිත වාහනවලින් මස් මාංශ ප්‍රවාහනය කරන මුවාවෙන් කොළඹට ප්‍රවාහනය කළ මහා පරිමාණ දැව ජාවාරමක් අනාවරණය කරගෙන තිබේ.

දිවයිනේ ප්‍රදේශ ගණනාවකින් සොයාගනු ලැබූ ත්‍රීරෝද රථ 13ක් කළුතර දිසා අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

දොඩම්ගොඩ, විල්පාත ප්‍රදේශයේ නිවසක තිබී මද්‍යසාර ස්ප්‍රීතු ලීටර් 5,000ක් පොලිස් බාරයට ගෙන තිබේ.

ගල්කිස්ස, රත්මලාන ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 60 ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

මන්නාරම, ඕලුතුඩුවායි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩි කොළ තොගයක් සොයා ගෙන තිබේ.

Latest News