කෙසෙල්ගමු ඔයේ මැණික් ගැරූ 4කට මාංචු

දෙසැ 15, 2019

    කාසල්රි ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔයේ ඇළ මාර්ගයක බලපත්‍ර නොමැතිව අනවසරෙන් මැණික් ගැරු සිව් දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

    එම වතුයායේ ක්ෂේත්‍ර නිලධාරියෙකුගේ නිල නිවස අසළ ඇළ මාර්ගයෙයි මෙම සැකකරුවන් මැණික් ඉල්ලම් ගොඩ දමමින් සිටින බවට ලද තොරතුරක් මත නොර්වුඩ් පොලිසියේ නිලධාරින් විසින් වැටලිම සිදු කළේය.

    ඇළ මාර්ගයේ පතුලේ ඉල්ලම් ගොඩගැනිම සදහා විශේෂයෙන් සකස් කරන ලද උදැල්ලක් ඇතුළු උපකරණ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරුවන් බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි. ඔවුන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on ඉරිදා, 15 දෙසැම්බර් 2019 10:26

    Latest News