තාරකා ඉබ්බන් සමග සැකකරුට මාංචු

දෙසැ 12, 2019

    මදුරන්කුළිය, විරතෝඩේ ප්‍රදේශයේ නිවස සගවාගෙන සිටි තාරකා ඉබ්බන් විශාල තොගක් සොයා ගත් බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලය සදහන් කරයි.

    විදේශ රටකට අලෙවි කිරීමට හෝ වෙනයම් ජාවාරමක් සදහා මෙම තාරකා ඉබ්බන් මෙලෙස එකතු කරන්නට ඇති බවය සැක කෙරේ. වන ජීවී නිළධාරින්ට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම පෙරේදා (10) සිදු කර ඇත. සිද්ධියට සම්බන්ධ එක් සැකරුවකු සමග මෙම විවිධ ප්‍රමාණයේ තාරකා ඉබ්බන් 57 කට ආසන්න ප්‍රමාණයක් ඉදිකරමින් තිබූ නිවසක ජල ටැංකියක තිබී වන ජීවී නිළධාරින්ට සොයා ගැනීමට හැකිව තිබේ.

    මෙම තාරකා ඉබ්බන් කුමක් සදහා මෙලෙස එකතු කලේද යන්න සැකකරුගෙන් ප්‍රශ්ණ කිරීම් ආරම්භ කල බවත් , තවත් වලක සගවා ඇති ඉබ්බන් සොයා ඊයේ(11) දහවල් මෙහෙයුමක් සිදු කල අතර එහි ඉබ්බන් නොසිටි බව වන ජීවී නිළධාරින් පවසයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 12 දෙසැම්බර් 2019 09:27

    Latest News