නිසි අවසරයක් නැතිව ප්ලාස්ටික් පිලිස්සූ පුද්ගලයෙකුට නඩු

දෙසැ 03, 2019

    ඇඟලුම් කර්මාන්ත ශාලා මගින් ඉවත් කරන පොලිතින්, ප්ලාස්ටික් ඇතුළු ඉවත දමන අපද්‍රව්‍ය නිසි අවසරයකින් තොරව පිලිස්සීම සිදුකළ පුද්ගලයෙකුට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන තිබේ.

    ඒ සූරියවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින්. අදාළ ප්‍රදේශයට නීති විරෝධීව ගෙනවිත් තිබූ මෙම අපද්‍රව්‍ය ගිනි තැබීම පිළිබඳව ලද තොරතුරකට අනූව, සෞඛ්‍ය නිලධාරීන් සූරියවැව හබරත්තව ප්‍රදේශයේ නිවැසියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ගිනි තැබූ අපද්‍රව්‍ය තොගයට අමතරව නිවසේ තිබූ තවත් අපද්‍රව්‍ය තොගයක් ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සොයා ගැනිණ. නිසි ප්‍රමිතියකින් තොරව පිලිස්සීම් කළ පුද්ගලයා හට නීතිමය ක්‍රියා මාර්ග ගත් බවයි, සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පවසන්නේ.

    Last modified on අඟහරුවාදා, 03 දෙසැම්බර් 2019 11:37

    Latest News