මදුරන්කුළියේ දී තාරකා ඉබ්බන් 50ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

දෙසැ 11, 2019

    මදුරන්කුළිය විරතෝඩේ ප්‍රදේශයේ නිවසක සගවාගෙන සිටි තාරකා ඉබ්බන් විශාල ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.

    මේ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කරයි.

    විදේශ රටකට අලෙවි කිරීමට හෝ වෙනයම් ජාවාරමක් සඳහා මෙම තාරකා ඉබ්බන් මෙලෙස එකතු කරන්න ඇති බව වනජීවි කාර්යාලය සඳහන් කරයි.

    වනජීවී නිළධාරින්ට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම ඊයේ(10) සවස සිදු කර ඇති අතර විවිධ ප්‍රමාණයේ තාරකා ඉබ්බන් 50 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන තිබේ. ඉදිකරමින් තිබූ නිවසක ජල ටැංකියක ඉබ්බන් රඳවා තිබී ඇති අතර සිද්ධියට සම්බන්ධ එක් සැකරුවකු වනජීවී නිලධාරී භාරයට ගෙන ඇත.

    මෙම තාරකා ඉබ්බන් කුමක් සඳහා මෙලෙස එකතු කළේ ද යන්න සැකකරුගෙන් ප්‍රශ්ණ කිරීමට නියමිත බවත් තවත් වලක සඳවා ඇති ඉබ්බන් සොයා අධ(11) දහවල් මෙහෙයුමක් සිදු කරණ බවත් වන ජීවී නිළධාරිහු සඳහන් කර තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශණයෙන් අනතුරුව පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    Latest News