අමෙරිකාවේ ටොන් 9ක කොකේන් රාජසන්තකයි

දෙසැ 20, 2019

    අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සොයාගනු ලැබූ ටොන් 9ක කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රාජසන්තක කර තිබේ. කොකේන් තොගය, අමෙරිකානු ඩොලර් මිලියන 312ක් පමණ වන බවයි, වාර්තා වන්නේ.

    ටොන් 9ක මත්ද්‍රව්‍ය තොගය ආරක්ෂක අංශ බාරයට ගෙන ඇත්තේ, නැගෙනහිර පැසිෆික් සාගරය ආශ්‍රිතව සිදුකළ වැටලීම් මාලාවකදී. මෙක්සිකෝව, මධ්‍යම හා දකුණු අමෙරිකානු කලාපවල සිදු කෙරුණු වැටලීම් 7කදී ඒවා හමු වී ඇති බව, විදෙස් වාර්තාවල සඳහන්. මෙහෙයුම සිදුකර ඇත්තේ, ඉකුත් ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලයි. මධ්‍යම හා ලතින් අමෙරිකානු කලාප නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ප්‍රධාන මධ්‍යස්ථාන ලෙසයි සැලකෙන්නේ. එහි සිට රැගෙන එන මත්ද්‍රව්‍ය සම්බන්ධව අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය නිරන්තර සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.

     

     

     

     

     

    Last modified on සිකුරාදා, 20 දෙසැම්බර් 2019 10:18

    Latest News