කාසල්රි ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔයේ ඇළ මාර්ගයක බලපත්‍ර නොමැතිව අනවසරෙන් මැණික් ගැරු සිව් දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වූ සුදුවෑන් රියදුරන් ලෙස තමන්ව හඳුනාගත් සැකකරුවන් දෙදෙනා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට තීරණය කර තිබේ.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සංවිධාන කළ මාධ්‍ය හමුවකට සුදු වෑන් රියදුරන් ලෙස පෙනී සිටි පුද්ගලයින් දෙදෙනා මහර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

මොරගහකන්ද ප්‍රදේශයේ දී රුපියල් කෝටි 3කට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 3ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මදුරන්කුළිය, විරතෝඩේ ප්‍රදේශයේ නිවස සගවාගෙන සිටි තාරකා ඉබ්බන් විශාල තොගක් සොයා ගත් බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලය සදහන් කරයි.

මදුරන්කුළිය විරතෝඩේ ප්‍රදේශයේ නිවසක සගවාගෙන සිටි තාරකා ඉබ්බන් විශාල ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.

ඇඟලුම් කර්මාන්ත ශාලා මගින් ඉවත් කරන පොලිතින්, ප්ලාස්ටික් ඇතුළු ඉවත දමන අපද්‍රව්‍ය නිසි අවසරයකින් තොරව පිලිස්සීම සිදුකළ පුද්ගලයෙකුට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන තිබේ.

නීති විරෝධී අයුරින් දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ශ්‍රී ලංකා රේගුව මගින් අත්අඩංගුවට ගැනිණ.

ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බුත්තල, බුරුතහංදිය ප්‍රදේශයේ දී ලොරි රථයක තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 7ක් සමග රුපියල් නව ලක්ෂ පනස්දහසක් හයසිය හැත්තෑවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News