නීතිවිරෝධී දුම්වැටි පැකට් 670ක් රේගු අත්අඩංගුවට

දෙසැ 03, 2019

    නීති විරෝධී අයුරින් දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ශ්‍රී ලංකා රේගුව මගින් අත්අඩංගුවට ගැනිණ.

    සැකකරුවන් 20 හැවිරිදි වියෙහි පසුවන අතර, එක් පුද්ගලයෙකු කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අනෙක් තැනැත්තා අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අද අලුයම ඩුබායි සිට පැමිණි ගුවන් යානයකින් ඔවුන් මෙරටට පැමිණ තිබේ. සැකකරුවන් සතුව තිබී නීති විරෝධී දුම්වැටි කාටුන් 123ක් සහ දුම්වැටි පැකට්ටු 670ක් සොයා ගැනිණ. මේවා විදේශීය දුම්වැටි වන අතර, එහි වටිනාකම රුපියල් විසි දෙලක්ෂ අසූදහසක් වෙයි.

     

    Last modified on අඟහරුවාදා, 03 දෙසැම්බර් 2019 11:16

    Latest News