සුදු වෑන් රියදුරන් ලෙස පෙනී සිටි දෙදෙනා මහර දී අත්අඩංගුවට (වීඩියෝ)

දෙසැ 14, 2019

    හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සංවිධාන කළ මාධ්‍ය හමුවකට සුදු වෑන් රියදුරන් ලෙස පෙනී සිටි පුද්ගලයින් දෙදෙනා මහර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

    ජනාධිපතිවරණ සමයේ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔවුන් පැවසුවේ සුදු වෑන් වලින් ගොස් පුද්ගලයින් පැහැර ගැනිම සඳහා රියදුරෙකු ලෙස දායක වූ අතර අනෙක් පුද්ගලයා පවසා සිටියේ එල්.ටී.ටී.ඊ පාලන ප්‍රදේශයේ සිට රත්‍රං තොඟයක් ප්‍රවාහනය කිරිමට තමා දායක වූ බවයි.

    සිදු කළ පරික්ෂණවලින් අනතුරුව අදාල පුද්ගලයින් දෙදෙනා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    Last modified on සෙනසුරාදා, 14 දෙසැම්බර් 2019 20:33

    Latest News