වල්ලපට්ටා විකුණූ සැකකරුට මාංචු

දෙසැ 16, 2019

    නෝටන්බ්‍රිජ්, ලක්ෂපාන, පතනහේන ප්‍රදේශයේ ගෙවත්තේ තිබු විශාල වල්ලපට්ටා ගසක් කපා කොටස් කර අලෙවි කිරීමේ දී සැකකරු හා වල්ලපට්ටා තොගය අත්අඩංගුවට ගෙන තිබේ. තවත් කිලෝ 15 ½ ක් අලෙවි කිරිමට සුදානම් කර තිබූ බවයි පොලීසිය පවසන්නේ.

    ලක්ෂපාන ප්‍රදේශයේ පුද්ගලික ඉඩම්වල සහ අවට රක්ෂිත වල වල්ලපට්ටා ගස් විශාල වශයෙන් තිබෙන බවයි පොලිසිය පවසයි. වල්ලපට්ටා ගස් කැපිම නීතියෙන් තහනම් කර තිබේ.

    සැකකරු පොලිස් ඇප මත මුදා හැර ඇති අතර ඔහුට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට නියමිතයි.

    1 1 1

    Latest News