මීගමුවේ හෝටල් සේවකයාගේ ඝාතනයේ සැකකරුවෙක් අත්අඩංගුවට

මාර් 10, 2020

    මීගමුව,පෙරියමුල්ල ප්‍රදේශයේ දී හෝටලයක් තුළ ඇති වු ගැටුමක් හේතුවෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වීමට ආදාළව සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    18 හැවිරිදි සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. ඔහු අද දින මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    පසුගිය දා (09) රාත්‍රී 9.30ට පමණ මීගමුව,පෙරියමුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයකට පැමිණි පිරිසක් හා හෝටල් හිමිකරු ඇතුළු සේවකයන් අතර ගැටුමක් ඇතිවිය. ආරවුලින් සේවකයන් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී එක් සේවකයෙකු මිය ගියේය.

    Last modified on අඟහරුවාදා, 10 මාර්තු 2020 11:54

    Latest News