මහරගම ෆේස්බුක් සාදයේ සංවිධායක 18 දක්වා රිමාන්ඩ්

මාර් 10, 2020

    මහරගම පොලිස් වසමේ පසුගිය 8 වැනිදා පොලීසිය විසින් වටලන ලද ෆේස්බුක් සාදය සංවිධාන කළ පුද්ගලයා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරිණ.

    ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය විසිනුයි, එම නියෝගය නිකුත් කර තිබෙන්නේ. අරලිය උයන පොදු ක්‍රීඩාංගනයේ බලපත්‍ර නොමැතිව ශබ්ද විකාශන යන්ත යොදා ගනිමින් මෙම ෆේස්බුක් සාදය පවත්වා තිබේ.

    එහිදී පිරිමි පුද්ගලයන් 60 දෙනෙකු සහ කාන්තාවන් 17 දෙනෙකු අත්අඩංගුවට ගැනිණ. ඔවුන් වයස අවුරුදු 19ත් 35ත් අතර පසුවන කොළඹ, ගෝනගල, අකුරණ, වත්තල, පන්නිපිටිය, කඩුවෙල, බත්තරමුල්ල, මීගොඩ හා හෝමාගම යන ප්‍රදේශවල පදිංචිකරුවන්. එම පිරිස ඊයේ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණ. ඉන් ගංජා ළඟ තබාගත් දෙදෙනෙකු අද දක්වා ද, මත්පෙති ළඟ තබාගත් පුද්ගලයෙකු හෙට දිනය දක්වා ද රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණ. අනෙක් සැකකරුවන් හා සැකකාරියන් ඇප මත මුදා හැර තිබේ.

    Last modified on අඟහරුවාදා, 10 මාර්තු 2020 07:48

    Latest News