රට යවන්න ව්‍යාජ ලේඛන සැකසූ සේවිකාව අත්අඩංගුවට

මාර් 08, 2020

    කැනඩාවේ උස්ස අධ්‍යාපන කටයුතු සදහා යන බව පවසා ව්‍යාජ ලේඛන සකස් කර මුදල් වංචා කිරීම හා ඊට අනුබල දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දෙහිවල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කළ සේවිකාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඇය 22 හැවිරිදි මොරටුව - අගුලාන ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි, පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ.

    ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 30ක්, ව්‍යාජ ලේඛන අඩංගු ගොනු 35ක්, පරිගණක දෙකක් හා මුද්‍රණ යන්ත්‍ර දෙකක්, ජංගම දුරකථනයක් සහ ව්‍යාජ නිල මුද්‍රාවක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතයි.

    උසස් අධ්‍යාපන අවස්ථා ලබාදෙන බව පවසා මෙම ආයතනය පහළොස් ලක්ෂයකට අධික මුදලක් වංචා කර තිබේ.

     

     

    Last modified on ඉරිදා, 08 මාර්තු 2020 15:17

    Latest News