කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අධිකරණයේ පවතින නඩු කටයුත්තකට අදාළව බොරු සාක්‍ෂි ලබාදීම සම්බන්ධයෙන් තවත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස පොලිස් වසමේ, ඉදිගහදෙනිය ප්‍රදේශයේ ඇළ මාර්ගයකට යාබද කැලෑ ප්‍රදේශයක දමා ගොස් තිබියදී පිස්තෝල 4ක් හා මැගසින් 08ක් සොයාගෙන තිබේ.  අද (02) දින උදෑසන 10.30ට පමණ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මේවා සොයාගෙන තිබේ. 

පාතාල සාමාජික කුඩු අංජුගේ ගෝලයෙක් වන සිතුම් නිලංග පීරිස් නොහොත් අසංක නමැති පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ෂානි අබේසේකර මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

රන් භාණ්ඩ සමඟ සැකකරුවන් සිව් දෙනෙකු නුගේගොඩ අවට ප්‍රදේශවලින් ඊයේ අත්අඩංගුවට ගැණින.

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සාමාජිකයෙක් ඊයේ (27) දහවල් 12.15ට පමණ කෙසෙල්වත්ත පොලිස් වසමේ මිරානියා වීදිය‍, ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත්ව තිබේ.

කින්නියා,අල්අක්සා පාසල පාර ප්‍රදේශයේ දී පුපුරණද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට ත්‍රිකුණාමලය විෂ මත්ද්‍රව්‍ය ඒකකය සමත් වෙයි.

කැස්බෑව ප්‍රදේශයේ යතුරුපැදි තරඟ පවත්වන බවට පොලීසියට ලැබුණු තොරතුරකට අනුව ඊයේ රාත්‍රියේ වැටලීමක් සිදුකර තිබේ.

අද උදෑසන 5.00න් අවසන් වූ ගතවූ පැය 24 තුල බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය ළග තබාගත් පුද්ගලයින් ඇතුළු සැකකරුවන් 364 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News