මඩකලපුවේ දී ස්වර්ණාභරණ කොල්ල කෑ පුද්ගලයන් අත්අඩංගුවට (වීඩියෝ)

අගෝ 14, 2020
  • පසුගිය දෙවැනිදා මඩකලපුව නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකා රුපියල් කෝටි 09කට ආසන්න ස්වර්ණාභරණ හා මුදල් කොල්ල කෑ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

    මඩකලපුව මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා කළ විමර්ශනවලින් පසුව පුද්ගලයන් දෙදෙනෙකු හා කාන්තාවක අත්අඩංගුවට ගනු ලැබීය. ඔවුන් කලවන්චිකුඩි සහ ගලහ යන ප්‍රදේශවල පදිංචිකරුවන්. කොල්ල කෑ ස්වර්ණාභරණ හා මුදල් සොයා ගැනීමට ද හැකිවී තිබේ.

    මේ අතර බොරැල්ල ප්‍රදේශයේ නීති විරෝධි ලේඛනාගාරයක් සොයා ගැනීමට ද පොලිසිය සමත්විය. එහි රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ලේඛන ව්‍යාජ ලෙස සකස් කර ඇති බව හෙළි වී ඇත. පොලිස් ස්ථානාධිපතිවරුන් 23 කගේ නිල මුද්‍රා ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිල මුද්‍රා සකස් කර තිබේ. බොරැල්ල පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on සිකුරාදා, 14 අගෝස්තු 2020 20:09

    Latest News