මාලක සිල්වා අත්අඩංගුවට

අගෝ 12, 2020

    හිටපු අමාත්‍යවරයෙක් වන මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක ද සිල්වා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

    තලංගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් දෙලක්ෂයක මුදලක් ලබා ගැනීමට තැත් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

    අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය ජුලි මස 16 වනදා තලංගම පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී ඊයේ (11) රාත්‍රී 08.40ට පමණ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරු අද (12) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

    Last modified on බදාදා, 12 අගෝස්තු 2020 08:37

    Latest News