හෙරොයින් සමග දෙදෙනෙක් බියගමදී අත්අඩංගුවට

අගෝ 08, 2020

    හෙරොයින් සමග තවත් සැකකරුවන් දෙදෙනෙක් බියගම, ප්‍රදේශයේ දී ඊයේ අත්අඩංගුවට ගැනිණ. ඒ බියගම පොලිස් නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී. සැකකරුවන් සතුව තිබූ ආයුධ 4ක් ද තිබූ බවයි, පොලීසිය පවසන්නේ. ඔවුන් අද මහර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    කේරළ ගංජා සමග සැකකරුවෙක් මන්නාරම, පරජපාකන්ඩාල් ප්‍රදේශයේ දී ඊයේ අත්අඩංගුවට ගැනිණ. ඔහු අද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    සැකකරු අත්අඩංගුවට ගැනුණේ, මන්නාරම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී. ඔහු සතුව තිබී කේරළ ගංජා කිලෝ 5කට අධික ප්‍රමාණයක් පොලිස් බාරයට ගැනිණ. සැකකරු යාපනය, සුල්ලිපරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

     

    Last modified on සෙනසුරාදා, 08 අගෝස්තු 2020 11:42

    Latest News