බස්නාහිර පළාත තුල සිදුකළ විශේෂ වැටලීම්වල දී සැකකරුවන් 334 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව ඊයේ (28) උතුරු මුහුදේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං කිලෝ 5යි ග්‍රෑම් 500ක ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගෙන තිබේ.
කැනඩාවේ රැකියා සඳහා වීසා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කිරීමේ ජාවාරමක නිරත වූ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
යක්කලමුල්ල, ඇල්ලඉහළ සහ ගල්කන්ද යන ප්‍රදේශවලදී ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස සැලකෙන ජනිත් මධුශංක නොහොත් "පොඩි ලැසී" සහ ජයලත් සුද්දා නැමැත්තාගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගැණුනා.
බියගම, පේරගස් හන්දිය ප්‍රදේශයේදී හෙරොයින් සමග සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන ගමගේ සාරංග ප්‍රදීප් හෙවත් "වැල්ලේ සාරංග" නමැත්තා සහ තවත් සැකකරුවන් තිදෙනෙක් කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
කොල්ලුපිටය ප්‍රදේශයේ අධිආරක්ෂිත කලාපය තුළ ඩ්‍රෝන කැමරාවක් පියාසර කරවූ චීන ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ගතවූ පැය 24 තුල බස්නාහිර පළාත තුල සිදුකළ මෙහෙයුමක දී පුද්ගලයින් 1662ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙරට නිෂ්පාදිත ගිනි අවි 08ක් හා මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගාල්ල-උඩුගම පොලිසිය සමත්ව තිබේ.