ඊටීඅයි සමාගමේ අනාවරණය නොකරන ලද ගිණුම් ඔස්සේ රුපියල් කෝටි 680කට ආසන්න මුදලක් වංචා කිරීම, සාවද්‍ය පරිහරණය ඇතුළු චෝදනා මත ඊටීඅයි හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සිව් දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (08) පස්වරුවේ නැවතත් අත්අඩංගුවට ගෙන තිබේ.

පසු ගිය පැය 24 තුළ නීරෝධායන නීති උල්ලංඝනය කළ 23 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

රුපියල් කෝටි එක හමාරක මුදලකට අලෙවිකිරීමට සූදානම් වූ ගජමුතු සමග සැකකරුවෙක් ඊයේ රාත්‍රී මාතර වෙරළ පාරේ දී පොලිස් විශේෂ කාර්ය බලකා‍ය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය පැය 24ක කාලය තුළ නිරෝධායන රීතින් කඩකල පුද්ගලයින් 25 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මුව ආවරණ නොපැළඳීම හා පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම ඇතුළුව නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අද උදෑසන 6.00න් අවසන් ගතවූ පැය 24 දී පුද්ගලයින් 28 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

නිවෙස්වලට ඇතුළුවී රන් ආභරණ සොරා ගැනීමේ නිරතව සිටි එකම පවුලේ දෙදෙනෙක් අත්අඩංගුවට ‍ගැනීමට වෙන්නප්පුව පොලීසිය සමත්ව තිබේ.

ගතවූ පැය 24ක කාලය තුළ මුඛ ආවරණ පැළඳ නොසිටීම හා සමාජ දුරස්ථභාවය තබා නොගැනීම හේතුවෙන් 30 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ රන් ආභරණ කොල්ලකෑම් වලට සම්සම්බන්ධ සහ වෙනත් විවිධ අපරාධ රැසකට සම්න්ධ පහේ කල්ලිය යන අන්වර්ථ නාමයෙන් හදුන්වන කණ්ඩායමේ සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

දුරස්ථභාවය තබා නොගැනීම සහ මුව ආවරණ නොපැළදීම යන හේතුන් නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 41 දෙනෙක් ඊයේ (13) දිනය තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

ගතවූ පැය 24ක කාලය තුළ නි‍රෝධායන නීති උල්ලංඝණය කිරීම හා මුව ආවරණ නොපැළඳීම හේතුවෙන් පුද්ගලයින් 60 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News