ගිනි අවි 08ක් හා මත්ද්‍රව්‍ය සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

අගෝ 16, 2020

    මෙරට නිෂ්පාදිත ගිනි අවි 08ක් හා මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගාල්ල-උඩුගම පොලිසිය සමත්ව තිබේ.

    උඩුගම, කොතලාවල ප්‍රදේශයේදී වැටලීම සිදුකර ඇත්තේ, ඊයේ රාත්‍රී.

    උඩුගම පොලිස්ථානාධිපතිවරයා සඳහන් කළේ, ලැබුණු තොරතුරකට අනුව සෝදිසි මෙහෙයුම කෙරුණු බවයි. ගිනි අවි 08ට අමතරව සැකකරුවන් සන්තකයේ තිබී ගංජා තොගයක් සහ වෙඩි බෙහෙත් ග්‍රෑම් 300ක්, මූනිස්සම් 40ක් හා කිනිසි 02ක් ද සොයා ගැණින. සැකකරුවන් තිදෙනා කන්නලිය රක‍ෂිත වනාන්තරයේ සතුන් මැරීමට සූදානමින් සිටි බව පොලිසිය පවසයි.

    Latest News