කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආරම්භ වූ චීනය රෝගය මර්දනය කිරීම සම්බන්ධයෙන් ඉහළ ප්‍රගතියක් අත්කර ගෙන තිබේ. පසුගිය පැය 24ක කාලය තුළ ආසාදිතයින් 34 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් සියලුදෙනා විදෙස් රටවල සිට පැමිණි අය බවයි, වාර්තා වන්නේ.

නවසීලන්ත පාර්ලිමේන්තුව විසින් ගබ්සාව අපරාධයක් ලෙස සැලකීම ඉවත් කිරීමේ පනතක් සම්මත කරගෙන තිබේ.

කොරෝනා වෛරසය ලොව පුරා මේ වන විට දෙලක්ෂ දහ අට දහසකට වැඩි පිරිසකට ආසාදනය වී ඇති අතර මියගිය සංඛ්‍යාව අට දහස් නවසීයකට ආසන්නයි.

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසයෙන් ඉකුත් පැය 24 තුළ ඉතාලියේ පුද්ගලයින් 475 දෙනෙකු මියගොස් තිබේ.

ලොව පුරා කොවිඩ් නයින්ටීන් රෝගය වැළඳුනු පුද්ගලයන්ගේ සංඛ්‍යාව අද දෙලක්‍ෂය ඉක්මවා ගොස් තිබේ.

නව කොරෝනා වෛරසය සීග්‍රයෙන් ව්‍යාප්ත වීම සැලකිල්ලට ගනිමින් ඉරානය එරට සිරකරුවන් 85,000කට වැඩි පිරිසක් සඳහා නිදහස ලබා දී තිබේ.

නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් ලෝකය තුළ සිදුවී ඇති මරණ සංඛ්‍යාව 7,984ක් දක්වා ඉහළ ගොස් තිබේ.

නව කොරෝනා වෛරසය පිටුදැකීමේ එන්නතක් අද පළමු වරට අමෙරිකාවේ දී අත්හදා බලනු ලැබුවා.

කොවිඩ් 19ට එරෙහිව භාවිත කළ හැකි වන අයුරින් අමෙරිකාව නිර්මාණය කළ එන්නත පළමු වරට රෝගියෙකුට එන්නත් කර තිබේ.

ඕස්ට්‍රේලියාවේ ක්වන්ටාස් ගුවන් සේවය සිය අන්තර්ජාතික ගුවන් ගමන් 90%කින් සීමා කිරීමට තීරණය කර තිබේ.

ෆෙඩරල් අරමුදල් පොලී අනුපාතයේ ඉලක්ක ගත පරාසය පහල දමා, එය 0%ත් 0.25%ත් අතර මට්ටමක පවත්වාගෙන යන බව, අමෙරිකානු ෆෙඩරල් සංචිත මණ්ඩලය ප්‍රකාශ කරයි.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රස් ඇඩනම් කියා සිටින්නේ, කොවිඩ් 19 වෛරස වසංගත මැඩපැවැත්වීම සඳහා රාජ්‍යයන් නිසි පියවර නොගන්නා බවයි.

කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා නිපදවන ලද වෛරසය පළමු වරට මිනිසුන් සඳහා අත්හදා බැලීම ආරම්භ කර තිබේ.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මේ වන විට යුරෝපයේ රටවල් රැසක් දැඩි පියවර ගනිමින් සිටියි.

මෙතෙක් චීනයෙන් වාර්තා වූ සමස්ත කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව ඉක්මවා, චීනයෙන් පිටත රටවලින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව අද දිනයේ ඉහළ ගොස් තිබේ.

උතුරු දිග පිලිපීනයේ “නුඒවා එසිජා" පළාතේ "ජේන්‌" මහ නගර සභාවට අයත් ප්‍රදේශයෙහි කුරුළු උණ තන්වයක්‌ පැතිර යන බව, විදෙස්‌ මාධ්‍ය වාර්තා සඳහන්‌ කරයි.

ඊශ්‍රායල ජනාධිපති රුවීන් රිව්ලින් එරට ප්‍රතිවාදී දේශපාලන පක්ෂ දෙකෙහි නායකයින් හමුවී තිබේ. කොරෝනා වෛරසය සඳහා රට තුළ ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ජා කිරීම සඳහා අදාළ හමුව පැවති බවයි, වාර්තා වන්නේ.

ස්පාඤ්ඤයේ 6 වැනි ෆෙලිපේ රජු සිය පියාගේ උරුමය අතහැරීමට තීරණය කර තිබේ. එරට හිටපු රජු වන ජුවාන් කාලෝස් දැඩි විවේචනයට ලක්ව ඇත්තේ ඔහු ගත කළ අති සුඛෝපභෝගී ජිවිතය හේතුවෙන්.

ලෙබනනය ද එරට වෛද්‍ය හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර ගුවන්තොටුපොළ, රාජ්‍ය හා පෞද්ගලික ආයතන ද වසා දැමීමට කටයුතු කර තිබේ. එරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 99ක් වන අතර පුද්ගලයින් තිදෙනෙක් වෛරසය හේතුවෙන් මියගියේය.

ජර්මනිය අද සිට ප්‍රංශය, ස්විට්සර්ලන්තය,ඔස්ට්‍රියාව,ඩෙන්මාර්කය හා ලක්සම්බර්ග් දේශසීමාවල ආරක්ෂාව තවදුරටත් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

Latest News