පිලිපීනයේ කුරුළු උණ තන්වයක්‌

මාර් 16, 2020

    උතුරු දිග පිලිපීනයේ “නුඒවා එසිජා" පළාතේ "ජේන්‌" මහ නගර සභාවට අයත් ප්‍රදේශයෙහි කුරුළු උණ තන්වයක්‌ පැතිර යන බව, විදෙස්‌ මාධ්‍ය වාර්තා සඳහන්‌ කරයි.

    එරට කෘෂිකර්ම ලේකම්‌ විලියම් ඩාර්‌ පවසන්නේ, එය ජනනාවට ද ආසාදනය විය හැකි තත්වයක්‌ බවයි.

    මෙය, "H5N6‌" වර්ගයට අදාළ ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්වයක්‌. මේ හේතුවෙන්‌, ජේන් ප්‍රදේශයේ වටු කුරුළු ගොවිපොලක සිටි‌ වටුවන්‌ 1500ක්‌ පමණ ඉකුත් දින කිහිපයේ මියගිය බව, එරට බලධාරීහු පවසති. තවදුරටත්‌ ආසාදනය වීම මැඩපැවැත්වීමට තවත්‌ වටුවන්‌ 12,000ක්‌ මරා වල දැමූ බවද එහි ක්ෂේත්‍ර වාර්තා උපුටා දක්වමින්‌ විලියමි ඩාර් කෘෂිකර්ම ලේකම්වරයා මාධ්‍ය වෙත අදහස්‌ පළ කර තිබේ.

    "H5N6‌" 7kmපුරා ව්‍යාප්ත වී‌ තිබුණද, ඉන්‌ එහාට එය ව්‍යාප්ත වූ බවක්‌ හඳුනාගත නොහැකියි. එබැවින්‌ සියලුම පක්‍ෂීන්‌ නිරෝධායනය කිරීමට බලධාරීන් උත්සහ දරන අතර, ගෘහස්ත ඇතුළු සියලුම පක්‍ෂීන්‌ නිරෝධායනයට මුරපොලවල්‌ ද පිහිටුවා තිබේ.

    Latest News