ඊශ්‍රායල ජනපති ප්‍රතිවාදී පක්ෂ නායකයින් හමුවෙයි

මාර් 16, 2020

    ඊශ්‍රායල ජනාධිපති රුවීන් රිව්ලින් එරට ප්‍රතිවාදී දේශපාලන පක්ෂ දෙකෙහි නායකයින් හමුවී තිබේ. කොරෝනා වෛරසය සඳහා රට තුළ ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ජා කිරීම සඳහා අදාළ හමුව පැවති බවයි, වාර්තා වන්නේ.

    මේ සඳහා ලිකුඩ් පක්ෂයේ ප්‍රධානී ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ නිල් හා සුදු කණ්ඩායම් ප්‍රධානී බෙනී ගැන්ට්ස් සහභාගී වී තිබේ. පැවති සාකච්ජාවලින් පැහැදිලි තීරණයකට මෙතෙක් එළඹ නැති අතර, සාකච්ජා අද දිනයේත් ක්‍රියාත්මක වන බවයි, වාර්තා වන්නේ. වසරක් තුළ ඊශ්‍රායලය මැතිවරණ තුනකට මුහුණ දී රටතුළ තරමක දේශපාලනික අර්බුදකාරී තත්වයක් පවතින මොහොතකයි මෙම හමුව සිදුවුණේ.

    රට තුළට පැමිණෙන සියලු දෙනා දින 14ක අනිවාර්ය ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට යොමු විය යුතු බවට, ඉකුත් සතියේ එරට බලධාරීන් නිවේදනය කළේය. එරටින් වෛරස ආසාදිතයින් 200ක් පමණ වාර්තා වී තිබුණ ද මෙතෙක් කිසිඳු මරණයක් වාර්තා වී නැත. කෙසේ වෙතත් බෙනී ගැන්ට්ස් ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ 120න් 61 දෙනෙකුගේ සහය ලබා ගෙන ඇති අතර, ඔහු නව රජයක් පිහිටුවීමට සාකච්ජා අතරතුර ඉල්ලා සිටිනු ඇතැයි ද විදෙස් මාධ්‍ය සදහන් කරයි.

    Last modified on සදුදා, 16 මාර්තු 2020 10:32

    Latest News