ඉන්දියාවේ නවදිල්ලි හිදී වෛද්‍ය ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරිමේ සිද්ධියට වරදකරු වූ පුද්ගලයින් සිව් දෙනාට මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබේ.
දකුණු කොරියාව, චීනය සහ සිංගප්පූරුව ඇතුළු ආසියානු රටවල්වලට කොවිඩ් 19 සම්බන්ධයෙන් දෙවැනි රැල්ලකට මුහුණ දීමට සිදුව ඇති අතර ඒ බාහිරින් රටට පැමිණෙන පුද්ගලයන්ගෙන් රෝගය වාර්තා වීමය.
කෙවිඩ් නයින්ටීන් රෝගයෙන් වැඩිම පිරිසක් මියගිය රට බවට ඉතාලිය පත්වෙයි.
අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ කොරෝනා වෛරස් ව්‍යාප්තියට එරෙහිව භාවිත කරන වෛද්‍ය උපකරණ සීග්‍රයෙන් අවසන් වෙමින් පවතින බව නගරාධිපති බිල් ඩී බ්ලාසියෝ සදහන් කරයි.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ වූහාන් නගරය තුළ අද වනවිට කිසිදු කොරෝනා රෝගියෙකු අලුතින් වාර්තා වී නොමැත.
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආරම්භ වූ චීනය රෝගය මර්දනය කිරීම සම්බන්ධයෙන් ඉහළ ප්‍රගතියක් අත්කර ගෙන තිබේ. පසුගිය පැය 24ක කාලය තුළ ආසාදිතයින් 34 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් සියලුදෙනා විදෙස් රටවල සිට පැමිණි අය බවයි, වාර්තා වන්නේ.
නවසීලන්ත පාර්ලිමේන්තුව විසින් ගබ්සාව අපරාධයක් ලෙස සැලකීම ඉවත් කිරීමේ පනතක් සම්මත කරගෙන තිබේ.
කොරෝනා වෛරසය ලොව පුරා මේ වන විට දෙලක්ෂ දහ අට දහසකට වැඩි පිරිසකට ආසාදනය වී ඇති අතර මියගිය සංඛ්‍යාව අට දහස් නවසීයකට ආසන්නයි.
කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසයෙන් ඉකුත් පැය 24 තුළ ඉතාලියේ පුද්ගලයින් 475 දෙනෙකු මියගොස් තිබේ.
ලොව පුරා කොවිඩ් නයින්ටීන් රෝගය වැළඳුනු පුද්ගලයන්ගේ සංඛ්‍යාව අද දෙලක්ෂය ඉක්මවා ගොස් තිබේ.
නව කොරෝනා වෛරසය සීග්‍රයෙන් ව්‍යාප්ත වීම සැලකිල්ලට ගනිමින් ඉරානය එරට සිරකරුවන් 85,000කට වැඩි පිරිසක් සඳහා නිදහස ලබා දී තිබේ.
නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් ලෝකය තුළ සිදුවී ඇති මරණ සංඛ්‍යාව 7,984ක් දක්වා ඉහළ ගොස් තිබේ.
නව කොරෝනා වෛරසය පිටුදැකීමේ එන්නතක් අද පළමු වරට අමෙරිකාවේ දී අත්හදා බලනු ලැබුවා.
කොවිඩ් 19ට එරෙහිව භාවිත කළ හැකි වන අයුරින් අමෙරිකාව නිර්මාණය කළ එන්නත පළමු වරට රෝගියෙකුට එන්නත් කර තිබේ.
ඕස්ට්‍රේලියාවේ ක්වන්ටාස් ගුවන් සේවය සිය අන්තර්ජාතික ගුවන් ගමන් 90%කින් සීමා කිරීමට තීරණය කර තිබේ.
ෆෙඩරල් අරමුදල් පොලී අනුපාතයේ ඉලක්ක ගත පරාසය පහල දමා, එය 0%ත් 0.25%ත් අතර මට්ටමක පවත්වාගෙන යන බව, අමෙරිකානු ෆෙඩරල් සංචිත මණ්ඩලය ප්‍රකාශ කරයි.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රස් ඇඩනම් කියා සිටින්නේ, කොවිඩ් 19 වෛරස වසංගත මැඩපැවැත්වීම සඳහා රාජ්‍යයන් නිසි පියවර නොගන්නා බවයි.
කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා නිපදවන ලද වෛරසය පළමු වරට මිනිසුන් සඳහා අත්හදා බැලීම ආරම්භ කර තිබේ.
කොරෝනා වෛරස් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මේ වන විට යුරෝපයේ රටවල් රැසක් දැඩි පියවර ගනිමින් සිටියි.
මෙතෙක් චීනයෙන් වාර්තා වූ සමස්ත කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව ඉක්මවා, චීනයෙන් පිටත රටවලින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව අද දිනයේ ඉහළ ගොස් තිබේ.