"කොවිඩ් 19" නොහොත් කොරෝනා වෛරසයෙන් යුරෝපයේ දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ඉකුත් පැය 24 තුළ වාර්තා වෙයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට, කොරෝනා ආසාදනය වී නොමැති බව, වෛද්‍ය පරීක්‍ෂණවලින් අද තහවුරු වී තිබේ.

චීනයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු සහ අලිබබා ඊ - වාණිජ්‍ය වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජැක් මා විසින් කොවිඩ් -19 වෛරසයෙන් බැටකන යුරෝපය පුරා බෙදාහැරීම සඳහා ආරක්ෂිත මුහුණු ආවරණ මිලියන දෙකක් පරිත්‍යාග කිරීමට ප්‍රතිඥා දී තිබේ.

කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය සමග සටන් කිරීම සඳහා ගත් හදිසි පියවරවල තවත් දිගුවක් ලෙස ස්පාඤ්ඤ රජය ලබන සඳුදා සිට සමස්ත රටම ලොක්ඩවුන් හෙවත් වසා දැමීමේ තීරණයක් කෙටුම්පත් කර තිබේ.

කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය දිගින් දිගටම ව්‍යාප්ත වෙමින් පවතින බැවින් ඉන්දීය රජය රට තුළ දැනුම්වත් ව්‍යසන අවස්ථාවක් ප්‍රකාශයට පත්කර තිබේ.

තමන් කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරස් පරීක්ෂණයට මුහුණදුන් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ලොව පුරා දරුණු ලෙස ව්‍යාප්ත වන කොරෝනා වයිරසයේ කේන්ද්‍රස්ථානය බවට යුරෝපය පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසයි.

කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය පිටුදැකීමේ ප්‍රයන්තය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය පුරා ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රියා කළේය.

කොවිඩ් මරණ සීඝ්‍රයෙන් ඉහළ යෑමත් සමග ස්පාඤ්ඤය පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට අග්‍රමාත්‍ය පේද්‍රෝ සැන්චෙස් පියවරගෙන තිබේ.

බ්‍රසීල ජනාධිපතිවරයාට "කොවිඩ් 19" වෛරසය ආසාදනය වී නොමැති බව, ඔහු ප්‍රකාශ කරයි. කොරෝනා රෝගය පිළිබඳ කළ පරීක්ෂණ වාර්තාවක් තුළින් ඔහු හට රෝගය වැළඳී නැති බව සනාථ වී තිබේ. ජනාධිපතිවරයා චෝදනා කරන්නේ මාධ්‍ය අසත්‍ය තොරතුරු ගෙන ගිය බවයි.

වසංගත පාලනය හා වැළැක්වීම පිළිබඳ චීනයේ අත්දැකීම් සමග නව කොරෝනා වෛරස රෝගයට එරෙහිව සටන් කිරීමට චීනයේ විශේෂ කණ්ඩායමක් අද ඉතාලියට ළගා විය. මේ වනවිට ඉතාලියේ ආසාදිතයන් 12,000ක් හා මරණ 1,000කට වැඩි පිරිසක් වාර්තා වී තිබේ.

දකුණු කෙරියාව තුළ පසුගිය පැය තුළ වාර්තා වී ඇති කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 110ක් වෙයි.

කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් ඉදිරි ගවේෂණ සමය සඳහා එවරස්ට් කන්ද වසා දැමීමට ‌නේපාල බලධාරීන් තීරණය කර තිබේ.

 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා පන්දම් එක්රැස් කිරීමේ උත්සවය, පසුගිය 12 වැනිදා ග්‍රීසියේ ඔලිම්පියා හි හේරා පන්සලේදී පැවැත්විණ.

චීන විදේශ වෙළඳ ව්‍යවසායන් නිෂ්පාදන නැවත ආරම්භ කිරීමේ අනුපාතය ක්‍රමයෙන් ඉහළ ගොස් තිබෙන බව චීන වාණිජ අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

කොරොනා හේතුවෙන් නිවෙස්වලට සීමා වූ චීන ජාතිකයින් විනෝදාස්වාදය සඳහා කරන ක්‍රියාකාරකම්, සමාජ ජාල ඔස්සේ සෙසු අය සමග බෙදා ගන්නා බව වාර්තා වෙනවා.

අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව කොරෝනා වෛරසය පැතිරීම මැඬපැවැත්වීම සඳහා යුරෝපයට නව සංචාරක සීමාවන් පණවන බව විශේෂ ප්‍රකාශයක් කරමින් නිවේදනය කර තිබේ.

ලොව ජනප්‍රිය මෙන්ම ඔස්කාර් සම්මානලාභි හොලිවුඩ් නළුවෙක් වන ටොම් හෑන්ක්‌ස් සහ ඔහුගේ බිරිඳ රීටා විල්සන්, නව කොරෝනා වෛරසයට ගොදුරුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

චිලී රාජ්‍යයේ විරෝධතා නැවතත් උත්සන්න වී තිබේ. රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය වී වසර 30ක් සපිරෙන මොහොතක නැවතත් විරෝධතා ඇතිවී ඇති බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇති යුද බලතල සංශෝධනය සම්බන්ධ යෝජනාව එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය මගින් සම්මත කර තිබේ. කොංග්‍රස් අනුමැතියෙන් තොරව ඉරානයට එරෙහිව යුද ක්‍රියාමාර්ග ගැනීමේ දී ජනාධිපතිවරයා සතු අධිකාරිය බිඳ දැමීම මෙහි අරමුණයි.

Latest News