ලොව පුරා “කොවිඩ් 19“ සංඛ්‍යාව අද දෙලක්‍ෂය ඉක්මවයි

මාර් 18, 2020

    ලොව පුරා කොවිඩ් නයින්ටීන් රෝගය වැළඳුනු පුද්ගලයන්ගේ සංඛ්‍යාව අද දෙලක්‍ෂය ඉක්මවා ගොස් තිබේ.

    මරණ සංඛ්‍යාව ද අට දහස ඉක්මවා ගොස් තිබේ. දැනට රෝගීන් වාර්තාවන රටවල් සංඛ්‍යාව 170ක්.
    මේ අතර අමෙරිකාව සිදුකළ පරික්ෂණයකදී හෙලි වී ඇත්තේ වාතයේ දීත් කොවිඩ් නයින්ටීන් රෝගයට පැය තුනක උපරිම කාලයක් ජීවි තත්වයෙන් සිටිය හැකි බවය. අමෙරිකා එක්සත් ජනපදයේ බෝවන රෝග හා අසාද්මිකතා පිළිබඳ ජාතික ආයතනය නව කොවිඩ් නයින්ටීන් රෝගය ජීව කාලය ගැන සිදුකළ පරීක්‍ෂණයක තොරතුරු අද අනාවරණය කළේය. ඒ අනුව විද්‍යාඥයන් පෙන්වා දුන්නේ රෝගී පුද්ගලයෙකුගේ කැස්සකදී හෝ කිඹිසුමකදී බිඳති නිකුත් වන ආකාරයෙන් වෛරසය නිදහස් කර පරීක්‍ෂා කළ බවයි. ඒ අනුව වාතයේ දී එම බිඳිති තුළ වෛරසය පැය තුනක කාලයක් ජීවි තත්වයෙන් පැවති බව ඔවුන් සඳහන් කරයි. ප්ලාස්ටික් හෝ මළ නොබැඳෙන වානේ පෘෂ්ඨයන් මත වෛරසය දින තුනක් ජිවත් වු බව තහවුරු විය.
    තඹ පෘෂ්ඨයන් මත පැය 4ක් ද කාඩ්බෝඩ් සහ කඩදාසි මත පැය 24ක් ද වෛරසය පැවති බවයි අමෙරිකානු විද්‍යාඥයන් සඳහන් කරන්නේ.
    අග්ගදින ආසියානු කලාපය තුළ රෝගය ව්‍යාප්ත වීම වළක්වාගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බව, ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා. කලාපීය රටවල් 11ක් තුළ රෝගය සමාජගතව ව්‍යාප්තවීමේ තත්වයක් පෙන්නුම් කරන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.
    මැලේසියාවේ ඉස්ලාමිය ආගමික උත්සවයකට 16 දහසක පිරිසක් සහභාගිවීමත් සමඟ රෝගය සීඝ්‍ර යෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් උද්ගතවී තිබේ. මේ වනවිට මැලේසියාවෙන් වාර්තාවන රෝගීන් සංඛ්‍යාව 790කි. අද දිනයේ 117ක් හමුවී ිතබේ.
    ඉන්දුනිසියාවෙන් රෝගීන් 227ක් හමුවී ඇති අතර, අද හමුවූ රෝගීන් සංඛ්‍යාව 55කි.
    තායිලන්තයේ රෝගීන් 212ක් වාර්තා වන අතර, අද දිනයේ 35 දෙනෙකු හමුවූහ.
    පිලිපිනයේ රෝගීන් සංඛ්‍යාව 202 දක්වා වැඩිවී තිබේ.
    අද වනවිට අමෙරිකාවේ ප්‍රාන්ත 50ටම කොවිඩ් නයින්ටීන් රෝගය ව්‍යාප්ත විය. අමෙරිකාවෙන් වාර්තාවන රෝගීන් සංඛ්‍යාව 6533කි. මරණ සංඛ්‍යාව 122ක්.
    අද දිනයේ අලුත් රෝගීන් 116ක් ද මරණ 7ක් ද අමෙරිකාවෙන් වාර්තා වුනා. නිව්යෝර්ක් නගරයේ මිලියන 6.5ක් වන ජනගහනය දැඩි සීමා පනවා සම්පුර්ණයෙන්ම ගමනාගමනය වළක්වාලීමට නගරාධිපති බිල් බ්ලාසියෝ යෝජනා කර තිබේ.
    අමෙරිකානු රජය හානියට පත් ආර්ථිකයක ශක්තිමත් කිරිම සඳහා ඩොලර් ට්‍රිලියනයක සහන පැකේජයක් නිකුත් කිරීමට සූදානම් වෙයි.
    කොවිඩ් නයින්ටීන් රෝගයෙන් දරුණු ලෙස බැට කන යුරෝපය එහි පැමිණෙන සියළු විදේශිකයන් ආපසු හරවා යැවීමට පියවර ගෙන තිබේ. ඒ සමස්ත යුරෝපයේ දේශසීමා වසා දැමීමත් සමඟයි. ගුවන් ගමනා ගමනය ද දැඩි ලෙස සීමා කර ඇත.
    වැඩිම රෝගීන් සංඛ්‍යාවක් එනම් 31,506ක් වාර්තා වන්නේ ඉතාලියෙනි. එරට මරණ සංඛ්‍යාව 2500 ඉක්මවා තිබේ.
    ස්පාඤ්ඤයෙන් රෝගීන් 13,716ක් ද, ජර්මනියෙන් 10,082ක් ද,
    ප්‍රංශයෙන් 7,730ක් ද වාර්තාවේ.
    මේ අතර බ්‍රිතාන්‍යෙය් ජනතාව බියපත්වී භාන්ඩ තොග එක්රැස් කිරීම වැ“ළැක්වීම ස‘දහා එරට රජය නව රෙගුලාසි හඳුන්වා දී තිබේ. මේ අනුව සියළු වෙළෙඳ සැල්වල අත්‍යවශ්‍ය භාන්ඩ නිකුත් කෙරෙන්නේ සීමා සහිතවයි.
    බ්‍රිතාන්‍යෙය් කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 1950 දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ 71ක් වාර්තාවේ.
    කොවිඩ් නයින්ටීන් රෝගය නිසා පනවනු ලැබූ සීමා හේතුවෙන් ඇතැම් අනපේක්ෂිත සාධනීය තත්වයන් ද හටගෙන ඇත.
    සංචාරක පුරවරයක් වන ඉතාලියේ සුප්‍රකට වැනීසිය දැන් පවතින්නේ සම්පූර්ණයෙන්ම වසා දැමූ තත්වයකයි. එහි ඇළමාර්ගවල දිනකට බෝට්ටු දහස් ගණනක් ගමන් කළ ද, දැන් ඒවා සම්පුැර්ණායෙන්ම හිස්ව තිබෙනවා. මේ නිසා එම ඇළ මාර්ග දූෂණයෙන් තොරවී ඇති අතර, නැවත වරක් කුඩා මසුන් එම පැහැදිලි ජලයේ දක්නට ලඇබෙන බවයි වැනිසියේ ජනතාව ප්‍රකාශ කරන්නේ.

    Latest News