විස්සයි 20 ලෝක කුසලානය සඳහා කිවියන්ගේ සංචිතය

අප්‍රේ 29, 2024

    එළඹෙන ජූනි මස 01 වනදා සිට 29 වනදා දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත් හා අමෙරිකා එක්සත් ජනපදයේදී පැවැත්වීමට නියමිත 09 වන විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත නවසීලන්ත සංචිතය මීට පැය කිහිපයකට පෙර ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    මැයි 1 වනදාට පෙර සියලු රටවල් සංචිත ඉදිරපත් කළ යුතුයි. ලෝක කුසලාන ගනණාවකට ක්‍රීඩා කළ අත්දැකීම් බහුල ප්‍රවීනයන්ගෙන් සහ දක්ෂ තරුණ ක්‍රීඩකයන්ගෙන් සැදුම් ලත් නවසීලන්ත සංචිතය පහත පරිදි වනවා.

    1)කේන් විලියම්සන් (නායක)
    2)ෆින් ඇලන්
    3)ට්‍රෙන්ට් බෝල්ට්
    4)මිචෙල් බ්‍රාස්වෙල්
    5)මාක් චැප්මන්
    6)ඩෙවෝන් කොන්වේ
    7)ලොකී ෆර්ගසන්
    8)මැට් හෙන්රි
    9)ඩැරිල් මිචෙල්
    10)ජිමී නීෂම්
    11)ග්ලේන් පිලිප්ස්
    12)රචින් රවීන්ද්‍ර
    13)මිචෙල් සැන්ට්නර්
    14)ඉෂ් සෝධි
    15)ටිම් සෞතී

    Latest News