ක්වන්ටාස් ගුවන් ගමන් 90% කින් සීමා කෙරේ

මාර් 17, 2020

    ඕස්ට්‍රේලියාවේ ක්වන්ටාස් ගුවන් සේවය සිය අන්තර්ජාතික ගුවන් ගමන් 90%කින් සීමා කිරීමට තීරණය කර තිබේ.

    එළැඹෙන මැයි මාසය දක්වා එය පවත්වාගෙන යෑමට සැලසුම් කර ඇත. අභ්‍යන්තර ගුවන් ගමන් ද 60%කින් සීමා කිරීමට පියවර ගැණින. ක්වන්ටාස් ගුවන් සමාගම පවසන්නේ මේ නිසා 30,000ක පමණ ශ්‍රම අතිරික්තයක් ඇති විය හැකි බවයි.

    ඉකුත් ඉරිදා සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන සියළුම විදේශික සංචාරකයින් සඳහා දින 14ක අනිවාර්ය ස්වයං නිරෝධායන ක්‍රියාවලියක් ද ක්‍රියාත්මක වේ. වෛරසයේ ව්‍යාප්තිය සමඟ ඔස්ට්‍රේලියාවේ සංචාරක ක්ෂේත්‍රය දැඩි පසුබෑමකට ලක්ව ඇති බව වාර්තාවේ.

    Latest News